නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW:
චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී ලංකාව තුල සිටින වේගවත්ම ධාවකයා ය.මේ වන විට යෝධසිංහ සිටින්නේ චීනයි ටියන්ජින්වල ය.ඒ ආසියාතික ගෘහස්ථ ක්‍රීඩා තරගාවලියේ මීටර් 60 ඉසව්වට සහභාගි වෙමින්ය.ඔහු එහි සිව්වන මූලික තරගයේදි බලාපොරොත්තු වූ ස්ථානයට ළඟා වීමට අපොහොසත් වුව ද,තත්පර 6.84 න් තරගය නිමා කර පස්වැනි ස්ථානයට පැමිණිය ද හොඳම කාලයන් අතරින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.
ශ්‍රී ලංකාවෙන් එම ඉසව්ව නියෝජනය කළ මනුජ ප්‍රභාෂ් ද ඔහුගේ මූලික තරගයේ පස්වැන්නා වුව ද,වාර්තා කළ තත්පර 7.06 අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට ප්‍රමාණවත් කාලයක් නොවීය.අත්දැකීම් ඇති ආසියානු ගෘහස්ථ ක්‍රීඩා පදක්කම්ලාභිණියක ද වන නිමාලි ලියනාරච්චි මීටර් 800 අවසාන තරගයට සුදුසුකම් ලබා ගන්නට අසමත් වූවාය.ඇය සහභාගි වූ මූලික තරගයේදී නිමාලි ඉසව්ව නිමා කළේ සිව්වැන්නා ලෙසය.වාර්තා කර තිබුණ කාලය විනාඩි 2:17.75 කි.
පසිඳු මල්ෂාන්ට ද තුන් පිම්ම ඉසව්වෙන් පදක්කම්ලාභීන් අතරට එක් විමට අවස්ථාව ලැබුණේ නැත.ඔහු දැක් වූ දක්ෂතාවය මීටර් 15.70 කි.ඔහුට අත් වූයේ පස්වන තැනය.




