දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු කිසිදු දීමනාවක් ඉහළ නොදමන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.

ජනාධිපතිවයා මේ බව සඳහන් කළේ අද (06) දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් ව්‍යසනයට පත් ජනතාව නැවත පදිංචි කරවීමේ මහනුවර දිස්ත්‍රික් වැඩසටහන එක්වෙමිනි.

2025, 2026 වසරේ සහ 2027 රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම රුපියල් 33,000ක් වැය කර ඇති අතර ඒ අනුව 2027 තුන්වැනි වැටුප් වර්ධකය ඇතිවූවාට පසු අයවැයට සිදුවන බලපෑම සම්බන්ධව අවධානය යොමු කරමින් අනෙක් දීමනා ගැන සළකා බලන බවයි.

ඒ අනුව එතෙක් කුමන උද්ඝෝෂණ සිදුකළද එළැඹෙන වසරේ වැටුප් වැඩිවීම එනතෙක් කිසිදු දීමනාවක් වැඩි නොකරන බව ජනාධිපතිවරයා අවධාරණය කරන ලදී.

“අපි රාජ්‍ය සේවය පැත්තෙන් බැලුවේ මූලික වැටුප් වැඩිවීම තමයි වැදගත් කියලා. අන්න ඒ මූලික වැටුප් වැඩි කිරීම සඳහා පමණක් 2025 වසරේ වැය කරලා තියෙනවා රුපියල් කෝටි 11,000ක්. 2026 වසරේ මේ ජනවාරි මාසේම තව කෝටි 11,000ක් වැය කරනවා. 2027 ඊළඟ කොටස තියෙනවා කෝටි 11,000ක් වැය කරනවා. 2027 වෙනකොට අපේ රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම සඳහා පමණක් අපි දරණ වියදම කෝටි 33,000යි. දැන් එහෙම වැටුප් වැඩි කිරීමක් කරලා තියෙද්දි මම දකිනවා සමහර අය ආයේ මේ දීමනාව වැඩිකරන්න, අර දීමනාව වැඩි කරන්න කියනවා. වෙන්නේ නෑ. ඉස්සෙල්ලා අපි 2027දි තුන්වැනි වැටුප් වර්ධකය ඇතිවුනාට පස්සේ අපේ අයවැයට එන බලපෑම දිහා බලලා තමයි අනෙක් දීමනා ගැන කල්පනා කරන්නේ. ඒ නිසා කවුරු මොන විදිහට උද්ඝෝෂණය කළාත්, පාරේ හිටියත් දීමනාවන් 2027 ඊළඟ වැටුප් වැඩිවීම වෙනතෙක් කරන්නේ නෑ.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...