සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා බුද්ධි අංශයේ ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයේ දෙවනියාවන ජෙනරාල් ලුතිනන් ජෙනරාල් ව්ලැඩිමීර් ඇලෙක්සෙව්ට වෙඩි තැබීමේ සිදුවීම හා සම්බන්ධයෙන් අදාළව තිදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙදී අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රහාරය සිදු කළ බව කියන පුද්ගලයා රුසියානු පුරවැසියෙකු වන ලියුබොමීර් කෝර්බා ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු යුක්රේන බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු අනුව ක්‍රියාත්මක වූ බව කියැවේ.
පසුගිය සිකුරාදා(06) මොස්කව්හි වයඹ දිග තදාසන්න ප්‍රදේශයේ නේවාසික මහල් නිවාසයක සිදු වූ ප්‍රහාරයෙන් පසු 64 හැවිරිදි ඇලෙක්සෙව් රෝහල් ගත කරන ලද අතර ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසු ඔහු තවමත් සිහිසුන් වී ඇති බව රුසියානු මාධ්‍ය සඳහන් කර තිබේ.

