පළාත් සභා ජන්දය නොතියන්න හේතුව හිටපු මන්ත්‍රී ගම්මන්පිල හෙළිකරයි!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන්නේ ආණ්ඩුව කෙරෙහි ජනතා මතය ගැන සිදුකර තිබෙන රහසිගත සමීක්ෂණයක ප්‍රතිඵලය නිසාවෙන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ පෞද්ගලික ආයතනයක් මඟින් එම සමීක්ෂණය සිදුකර තිබෙන අතර මීට සති දෙකකට පෙර එම වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බවත් ඒ අනුව ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය 24.7%ක් දක්වා පහත වැටී ඇති බවත්ය.

පළාත් සභා මැතිවරණය දැන් පැවැත්වුවහොත් එකදු පළාත් සභාවක් හෝ ජයගැනීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති බව තිත්ත ඇත්ත බවද උදය ගම්මන්පිල මහතා කියා සිටියි.

මෙවැනි තත්ත්වයකට පත් වූයේ පුංචි ජන්දයෙන් පසු ආණ්ඩුව කලබැගෑනිගොඩකට මුහුණ දුන් නිසා බවයි ඔහු පවසන්නේ.

”ඔය පුංචි ජන්දෙන් පස්සේ තමයි රණවිරුවාට සෙබළා කිව්වේ. මුතුකුඩයක් කැඩෙන්න භික්ෂුන් වහන්සේලාට ගැහුවේ. උතුරු පළාතට බෞද්ධයන් එන්නේ වෛරය පතුරුවන්න කිව්වේ,මාලිමාවේ නායකයින්ගේ වත්කම් හෙළිවුණේ. ඒවගේම ගල් අඟුරු වංචාව, ලුණු වංචාව වගේ වංචාවන් හෙළිදරව් වුණේ. ආණ්ඩුවේ වරදින් දිට්වා කුණාටුවෙන් රටට මහා විනාශයක් සිද්ධ වුණේ. ඒ නිසා මේ වන විට ආණ්ඩුවේ ජන්ද පදනම 25%ට බැහැල කියන එක තේරුම් ගන්න පුළුවන් කාරණයක්. අපට තේරුම් ගන්න බැරි කාරණය තමයි මෙච්චර අසාර්ථක, මෙච්චර බොරු කියන, රටට විරුද්ධ ආණ්ඩුවක් සමඟ තවමත 25%ක් ඉන්නේ ඇයි කියන එක විතරයි.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචි කිරීමේ නීති වෙනස් කිරීමට ඊශ්‍රායල රජයෙන් පියවර..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්පත් කරගත් බටහිර...

උගන්ඩාවේ විතරක් එල්ලිලා ඉන්න එපා නාමල්ගේ ඩුබායි සල්ලි ගැනත් අපි හොයනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු රාජ්‍යයන්වලත් රඳවා...

AI ස්පෑම් නාලිකා මර්දනයට යූටියුබ් වෙතින් දැඩි පියවරක්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත ඇසීමට මෙතනින්.. පුවත...