රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
රුසියාව සහ යුක්රේනය අතර පවතින දරුණු යුද ගැටුම් මධ්‍යයේ සිවිල් වැසියන්ට එල්ල වන මාරාන්තික බලපෑම සසෑම විටම විදෙස් මාධ්‍ය අඛණ්ඩව වාර්තා කරනු ලබයි.
ඒ අනුව අද (11) දිනයේදීද, යුක්රේනයේ කාර්කිව් කලාපයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන්ගේ ගැබිණි මව බරපතල තුවාල ලබා තිබේ.
මෙම සිදුවීමට අමතරව තවත් ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ප්‍රහාරවලින් ළමුන් ඇතුළු පිරිසක් මියගොස් ඇති අතර, රෝහල් සහ දුම්රිය පද්ධති වැනි යටිතල පහසුකම්වලටද දැඩි හානි සිදුව ඇත.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි අවධාරණය කරන්නේ රුසියාවේ මෙම නොනවතින ප්‍රහාර හමුවේ රාජ්‍යතාන්ත්‍රික විසඳුම් කෙරෙහි පවතින විශ්වාසය බිඳවැටෙන බවයි.
එමෙන්ම මෙයට ප්‍රතිචාර වශයෙන් යුක්රේනය විසින් රුසියාවේ හමුදා මධ්‍යස්ථාන සහ කර්මාන්තශාලා ඉලක්ක කර ගනිමින් ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවද මෙහි සඳහන් වේ.


