මහ කන්නයේ වී මිල ප්‍රකාශයට පත් කෙරේ!

කොළඹ LNW:2025 – 2026 මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහනට අනුව අදාළ මිල ගණන් රජය ප්‍රකාශයට පත්කර තිබේ.

අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී එම මිල ගණන් ප්‍රසිද්ධ කරන ලදී.

එහිදී වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද පැවසුවේ කීරී සම්බා වී කිලෝවක මිල රුපියල් 140, සම්බා වී කිලෝවක මිල රුපියල් 130, නාඩු වී කිලෝවක මිල රුපියල් 120කට මිලදී ගැනීමට නියමිත බවයි.

මෙවර වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති බව ද වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...