IOC එන දවසට නිලවරණය තියෙනවා – සුරේෂු සුබ්‍රමනියම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 17, කොළඹ LNW:

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය සඳහා දිනයක් තවමත් යොදා ගෙන නැත්තේ එය අධික්ෂණය කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට පහසු දිනයක් දන්වා නැති නිසා බව ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් පවසනවා.


“අපි දින තුනක් අයිඕසී එකට දීලා තියෙනවා.එයාලට එන්න පුළුවන් දවස දැනගෙන අපි නිලවරණය පවත්වනවා.“
සුරේෂ් පෙන්වා දෙන්නේ මෙම නිලවරණ අවස්ථාව එන්නේ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් සම්බන්ධයෙන් අයිඕසි ය මැදිහත් වී ඉවත්කිරීම් සහ තනතුරුවලට පැමිණෙන්නට නොහැකි ලෙස කහනම් කිරීම් වැනි කාරණා ඇති වී තිබෙන තත්ත්වයක නිසා නව නිලවරණය අයිඕසි අධික්ෂණය යටතේම පැවත්වීම වැදගත් බවය.කවුරුන් පත් වුව ද වඩාත් ඉහළ අධික්ෂණ මට්ටමක එය සිඳුවන්නේනම් පත්වන අයට එය ඉදිරියට කරගෙන යාම ප්‍රශ්නයක් නොවනු ඇති බව ද සුරේෂ් පෙන්වා දුන්නේය.


එහෙත් මේ නිලවරණය පමා කරමින් ජාතික ඔලිම්පික් කමිටුව යම් ආකාරයකින් නිශ්චිත කාලය දීර්ඝ කර ගනිමින් වැඩි කාලයක් බලයේ රැදී සිටීමට උත්සාහ කරන බව, පවතින පරිපාලනයට විරුද්ධ අදහස් ඇති පිරිස් විසින් චෝදනා මුඛයෙන් පවසනවා.ක්‍රීඩා අමාත්‍යවරයා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමග සම්බන්ධ වී ජාතික ඔලිම්පික් කමිටුවේ වෙනස් කිරීම් සම්බන්ධයෙන් ඇතැම් තීරණ ගැනීමට මැදිහත් වුව ද,පවතින තත්ත්වය නිමා කර කඩිනමින් මේ නිලවරණය පැවත්වීමට උපකාර කරන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලීමක් නොකරන්නේ ඇයි ද යන්නත් ගැටළුවක් බව ද ඇතැම් පාර්ශව පෙන්වා දෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මඩකලපුවේ පුද්ගලයින් පස්...

මැදපෙරදිග ගැටුම් හමුවේ ඉන්ධන වෙත ලැබෙන සහනය මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මැදපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉන්ධන මිල...

“අලුත් රටක් හැදීමට දියුණු මානවයෙකු බිහි කළ යුතුයි – පෙරපාසල එහි ප්‍රධානම පදනමයි” : අමාත්‍ය චතුරංග

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ප්‍රජා ඵලදායිතා ප්‍රවර්ධන...