ගෝල්ෆේස් අරගල බිමේ සක්රීය චරිතයක් වූ වරෙන්තු ලබා සිටි ජීවන්ත පීරිස් පියතුමන් අද (12) නීතිඥවරු මාර්ගයෙන් කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වී තිබුණි.
එහිදී පියතුමන්ට ඇප මත මුදාහැරීමයි කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර තිබුණේ.
එහෙත් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා තිබුණේ පියතුමන්ව රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි.
ඇප මත මුදාහැරුණද ජීවන්ත පීරිස් පියතුමන්ට විදෙස් ගමන් තහනමක් පැනවීමට අධිකරණය නියෝග කළ අතර හෙට දින පොලීසිය වෙත පැමිණ ප්රකාශයක් ලබාදිය යුතු බවටද නියෝග කෙරුණි.
මෙම නඩුව යළි ලබන 26 වනදා කැඳවීමට නියමිතයි.
ASK