හර්ෂටත් ලොකු තනතුරක් !

Date:

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පත් කිරීමට තීරණය කර තිබෙනවා. මෙම කාරක සභාව ඊයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර එහිදී තීරණය කර තිබෙන්නේ සභාපති ධුරය විපක්ෂයට ලබාදිය යුතු බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් කිරීමට තීරණය කළ අතර ඉන්පසු නව සභාවාරය පසුගියදා ආරම්භ කෙරිණි. වත්මන් පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතායි.

පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අවසන් කිරීම හේතුවෙන් කෝප්, කෝපා ඇතුළු කාරක සභා 70 කට ආසන්න ප්‍රමාණයක් අහෝසි වී ගියේය. මේ වනවිටත් එම කාරක සභා කිහිපයක් පත්කර ඇති අතර ඉතිරි කාරක සභාද ඉදිරියේදී පත් කරනු ඇත.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ කෝප්, කෝපා ඇතුළු කාරක සභාවල සභාපති තනතුරු විපක්ෂයට ලබාදෙන ලෙසයි. කතානායකවරයා ඒ සඳහා එකඟතාවය පළකළ බව කිරිඇල්ල මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනවාරියේ සිට වතුකම්කරු වැටුපට වෙනදේ – ජනපතිගෙන් සහතිකයක්!

කොළඹ LNW: 2026 ජනවාරි මාසයේ සිට වතුකම්කරු දෛනික වැටුප...

2028 දී ඉන්නෙත් අපි. බයවෙන්න එපා අපි ණය ගෙවනවා!

කොළඹ LNW: 2028 වසරේදී බලයේ සිටින්නේත් ජාතික ජන බලවේගයේ...

කැරම්බෝඩ් නඩුවේ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : හිටපු අමාත්‍යවරුන් වන...

නාමල්ගේ සැකය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : පක්ෂ පාට භේදයෙන්...