පුවතේ Audio පිවිසුම වෙත;
පුවතේ Video පිවිසුම වෙත;
සටහන – පුලී
පෙබරවාරි 19, LNW (කොළඹ): මුම්බායි නගරයේ කොලාබා ප්‍රදේශයේ පටු මංතීරුවක් නගරයේ රෙදි සේදීම, පිරිසිදු කර වියළා ගැනීම වැනි ක්‍රියාවන් කරන රෙදි සෝදන්නන්ගේ වාස භවනක් වූ කුඩා කොන්ක්‍රීට් කුටිවලින් පිරුණු ඉඩමකට විවෘත වේ.
මෙම ප්‍රදේශය වටා රතු, නිල්, කොළ සහ කහ යන දීප්තිමත් වර්ණවලින් වර්ණාලේප කර ඇති පැල්පත් නිවාස ඇති අතර ඒවා එක මත එකක් පිහිටා ඇත්තේ අසමමිතික ටෙට්‍රිස් ක්‍රීඩාවක ප්‍රහේලිකා කුට්ටි මෙන් ය.
මෙම ජනාවාසයේ බොහෝ දුරට රෙදි සෝදන්නන් සහ ඔවුන්ගේ පවුල් වාසය කරන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එහි ජීවත් වෙමින් වැඩ කරති.
මේ වංකගිරිය තුළ කුඩා ඉගෙනුම් මධ්‍යස්ථානයක් ඇති අතර එය මූලික වශයෙන් ගණිතය සහ භාෂා කුසලතා පිළිබඳ නොමිලේ පාඩම් පිරිනමන අතර, ඔවුන්ගේ දරුවන්ට පළමු වරට විධිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමට හෝ පාසලෙන් ඉවත් වූ පසු නැවත ඒ වෙත යාමට එමඟින් උපකාරී වේ.
මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබන්නේ නගරයේ වඩාත්ම ආන්තිකකරණයට ලක් වූ ප්‍රජාවන්ට අධ්‍යාපනය ගෙන ඒම සඳහා දශක තුනක් තිස්සේ කටයුතු කළ 45 හැවිරිදි කලාකරුවෙකු වන රූබල් නාගි විසින් ආරම්භ කරන ලද ලාභ නොලබන සංවිධානයක් විසිනි.
මේ මස මුලදී, නාගිට ගෝලීය ගුරු ත්‍යාගය හිමි විය. එය යුනෙස්කෝව සමඟ සහයෝගයෙන් වර්කි පදනම විසින් වෘත්තියට සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ගුරුවරුන් ඇගයීම සඳහා දියත් කරන ලද ඩොලර් මිලියනයක සම්මානයකි.
ගෝලීය ගුරු ත්‍යාග පිරිනමන වෙබ් අඩවියට අනුව, රටවල් 139 කින් නාමයෝජනා සහ අයදුම්පත් 5,000 න් නාගී තෝරා ගන්නා ලදී.
නාගි ඇගේ ලාභ නොලබන සංවිධානය වන රූබල් නාගී කලා පදනම (RNAF) හරහා “ඉන්දියාව පුරා අඩු පහසුකම් සහිත ප්‍රජාවන් සහ ගම්මාන 100කට අධික සංඛ්‍යාවක ඉගෙනුම් මධ්‍යස්ථාන 800කට වඩා” පිහිටුවා ඇති බව එහි සඳහන් විය.
ඉගෙනීම අඩු අයට මෙම කරන පරෝපකාරයෙන් තමාට ආශ්වාදයක් ලැබුණේ දශක තුනකට පමණ පෙර මුම්බායි හි ඇගේ කලා වැඩමුළුවකට සහභාගී වූ පිරිමි ළමයෙකු හේතුවෙන් බව නාගි පැවසුවාය.
එම දරුවා මුඩුක්කුවක ජීවත් වන බවත් පාසල් යාමට මුදල් නොමැති බවත් ඇයට දැනගන්නට ලැබුණි.
එම සංවාදය නිසා පිරිමි ළමයා සිටි මුඩුක්කු ප්‍රජාව බැලීමට ඇය පෙළඹුණු බවත්, බිත්ති බිතුසිතුවම් වලින් සරසා ප්‍රදේශය අලංකාර කිරීමට ඇය ඉදිරිපත් වූ බවත් නාගි වැඩිදුරටත් පැවසීය.
Cherylann Mollan/BBC – Nagi’s foundation paints educational murals on the walls of slum communities
“අපි චිත්‍ර අඳින තැනට ළමයි එකතු වෙන්න පටන් ගත්තා. ඉතින්, මම එයාලගෙන් කතාවක් අහන්න කැමතිද කියලා ඇහුවා. ඒ හැමෝම ‘ඔව්’ කිව්වා,” නාගි හරි ලස්සනට ඔවුන්ගේ හිත්වල මල් පූද්දන්න ගත් වෑයම වචනයෙන් විස්තර කළාය.
Cherylann Mollan/BBC – Mayur runs his own art classes and also volunteers with RNAF
දුප්පත් ප්‍රජාවන්හි දරුවන්ට පවා ඉගෙනීම අවශ්‍ය බවත්, කලාව තුළින් අධ්‍යාපනය කෙරෙහි ඔවුන්ගේ උනන්දුව ඇති කළ හැකි බවත් ඇයට වැටහුණේ එවිට බව ඇය තවදුරටත් පැවසුවාය.
මෙවැනි සිදුවීම් ගොන්නකින් ආරම්භ වූ නාගී ගේ මෙම සමාජ ක්‍රියාව නිසා, අද මුඩුක්කු යැයි කියා හංවඩු ගැහෙන ලෝකයේ ඕනෑම කොනක සිටින ඕනෑම දරුවෙක්ට ඉගෙනීමේ මල්ඵල නෙළීමට ලබා දෙන හොඳම මෝර්ටිවේශන් එකක් යැයි කිව යුතුමය. ඔබ කොහේ හිටියත් ඔබව මෙහෙයවන්න හරි මඟක් පාදන කෙනෙකු ලැබුණොත් ගොහොරු මඩක වුවද නෙළුම් පූදිනවා මෙන් ලෝකෙට දක්ෂ පුද්ගලයන් බිහි වේවි!

