වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන – රුවන් නෙළුගොල්ල

අද (පෙබරවාරි 20) දිනයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර පළාතෙත් මාතලේ, බදුල්ල මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැක.

සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

රත්නපුර, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...