රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචා කළ සහකාර අතිරේක ලේකම්වරියක අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 20, කොළඹ LNW :

වරාය අධිකාරිය සතු සුඛෝපභෝගී වාහන සහන මිලට ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචා කළ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර අතිරේක ලේකම්වරියක අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කොළඹ ප්‍රදේශයේ වෛද්‍යවරයකු කළ පැමිණිල්ලකට අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම 56 හැවිරිදි සැකකාරිය කොටු කරගෙන තිබේ.

ඇය මීට පෙර වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ සේවය කර ඇති අතර, එම කාලසීමාව තුළ මෙම මූල්‍ය වංචාව සිදුකර ඇති බව අනාවරණය වී ඇත.

පොරොන්දු වූ පරිදි වාහනය හෝ මුදල් ලබා නොදී මඟහැරීම හේතුවෙන් වෛද්‍යවරයා විසින් සිද්ධිය පිළිබඳව පොලීසිය වෙත පැමිණිලි කර ඇත. ඒ අනුව අත්අඩංගුවට ගත් ඇයව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන මෙහෙයවන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...