නිශ්මං රණසිංහ පෙබරවාරි 21, කොළඹ LNW:
බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් පළමු එක්දින තරගය ලකුණු 10 කින් ජය ගන්නට සමත් වෙනවා.ජයග්‍රහණය සඳහා ලකුණු 240 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් ක්‍රීඩිකාවන් ඉන් ලකුණු 10 කට මෙහා නවත්වන්නට සිය අත්දැකීම් සමඟ මනා පන්දු යැවීමක නිරත වූ ඉනෝකා රණවීර ලකුණු 44 ට කඩුලු 4 ක් දවා ගනිමින් තරගයේ වීරවරිය ලෙස ඇගයීමට පාත්‍ර වෙනවා.කවීශා දිල්හාරි ලකුණු 49 ට කඩුලු 3 ක් ලබා ගන්නා අතර කොදෙව් පිතිකාරිනියන්ට ලකුණු ලබා ගැනීමට ඉඩ නොදෙමින් දැඩි පීඩනයක් එල්ල කළ දෙව්මි විහංඟා පන්දු ඕවර් 10 ලකුණු 28 ට එක් කඩුල්ලක් ලබා නිමා කරමින් කැපී පෙණෙන දස්කම් දක්වනවා.
කාසියේ වාසිය දිනූ කොදෙව් නායිකා හේලි මැතිවිස් පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට කළ ආරාධනය අනුව පන්දු ඕවර් 50 නිමාවන විට ශ්‍රී ලංකාව කඩුලු 6 ට ලකුණු 240 ක් රැස් කරනු ලැබුවා.තරමක් මන්දගාමී වුව ද,41 වන පන්දු ඕවරය වන තෙක් ශ්‍රී ලංකාවට අහිමි වූයේ කඩුලු 3 ක් පමණක් වීමත්,ඒ වන විට ලකුණු 185 ක් එකතු කර ගන්නට හැකිවීමත් නිසා ශ්‍රී ලංකාවට ලකුණු 240 ක් කරා යන්නට හැකියාව ලැබුණා.
මෙහදි හර්ෂිතා සමරවික්‍රම ලකුණු 66 ක් රැස් කළ අතර හසිනි පෙරේරා ලකුණු 60 ක් රැස් කරන්නට සමත් වුණා.චමරි අතපත්තු (27) සහ හසිනි පළමු කඩුල්ලට ලකුණු 49 ක් රැස් කළ අතර හර්ෂිතා සහ හසින් අතර තෙවන කඩුල්ලේ සබඳතාවය ලකුණු 86 ක් වුණා.නිලක්ෂි ද සිල්වා (22) සහ හර්ෂිතා අතර තෙවන කඩුල්ලේ සබඳතාවය 50 ක් වුණා.
අවසාන පන්දු ඕවර් කිහිපය තුළ වේගයෙන් පන්දුවට පහරදිය හැකි පිතිකාරිණියක් ලෙස කුසලතා ඇති දෙව්මි විහංගා ඊයේ තරගයේදී ජාතික කණ්ඩායම වෙනුවෙන් පිතිකරණයේදී ලබා දුන් ඉහළම සහය ලබා දෙමින් පන්දු 6 දී ලකුණු 14 ක් රැස් කළේ තරගයේ අවසාන ඕවරයේ දී එල්ල කරන ලද හයේ පහරක් සහ හතරේ පහරක්ද සහිතවයි.කවීහා දිල්හාරි ද පන්දු 21 න් ලකුණු 22 ක් රැස් කළ අතර විශ්මි ගුණරත්න පන්දු 20 න් ලකුණු 18 ක් ලබා නොදැවී සිටියා.
පිළිතුරු ඉණිම සඳහා පිවිසි කොදෙව් පිතිකාරිණියන් ආරම්භක පන්දු යවන්නියක් ලෙස ක්‍රියා කළ දෙව්මි විහංගා ඉදිරියේ ලකුණු ලබා ගැනීමේ පසුබෑමක් පෙන්නුම් කළ අතර එම පීඩනයෙන් මිදෙන්නට ගත් උත්සාහයේදී සිය පළපුරුද්ද යොදා ගනිමින් කොදෙව් මුල් පෙළ සහ මැද පෙළ අකර්මන්‍ය කළ ඉනෝකා රණවීර කඩුලු දඩයමේ යෙදෙනවා.ශ්‍රී ලංකා පන්දු යැවීමේ අභියෝගයට එරෙහිව ජයග්‍රහණය කරා යන්නට ස්ටෙෆ්නි ටේලර් (66) සහ ජනේලියා ග්ලාස්ගව් (50) දැඩි උත්සාහයක නිරත වුව ද එය නිශ්පල කාර්යයක් කරමින්,කවීශා දිල්හාරි යැවූ තරගයේ 49 වන ඕවරයේ සිව්වන පන්දුවේදී කව්ශිනි නෘත්‍යාංගනා, කරිශ්මා රාම්හැරක් ව ස්ටම්ප් කිරිමකට හසු කර ගන්නේ කොදෙව්වන් සියළු දෙනාම දවා ගනිමින්.
ලකුණු සටහනට පිවිසෙන්න.- https://bit.ly/3OSxFxC


