රටට ගෞරවය ගෙනෙන රසවත් භෝජන සංග්‍රහයක්

0
5

නිශ්මං රණසිංහ පෙබරවාරි 21, කොළඹ LNW:

අනෙකාගේ අනන්‍යතාවයට ගරු කිරීම වැදගත් සම්ප්‍රදායකි.ශ්‍රී ලංකා ක්‍රිකට් රාමාසාන් දිනය ආරම්භ වන පෙබරවාරි 19 වන දින ඔවුන්ගේ ආගමික චාරිත්‍රවලට ගරු කරමින් තරගාවලිය ආවරණය කරන ඉන්දීය,පකිස්තාන,බංගලාදේශ සහ ශ්‍රී ලංකා ඉස්ලාම් භක්තික මාධ්‍යෙව්දීන් වෙනුවෙන් ඊට සුවිශේෂී වූ රාත්‍රි භෝජනයක් සම්පාදනය කිරිම කැපී පෙණින.


ජාත්‍යන්තර ක්‍රීඩාව යනු රට රටවල් මිතුරුකමෙන් සම්බන්ධ කරන රාජ්‍යතාන්ත්‍රික පාළමක් බඳු එකක් වන්නේ මෙවැනි සත්කාරයන් සඳහා අවධානය යොමු කිරීමෙනි.උපවාසයේ ආරම්භක දිනයේ උපවාසය නිමා කිරමින් භුක්ති විදීමට සකස් කර තිබුණ ඉස්ලාම් භක්තිකයන්ගේ රුචිකත්වයට ගරු කෙරෙන රාත්‍රී භෝජන සංග්‍රහය වඩාත් රසවත් සහ ආස්වාදනීය අත්දැකීමක් වන්නේ එය රටක් හැටියට ශ්‍රී ලංකාවේ බහු ආගමික,බහු ජාතික පිළිගැනීම සහ ගරු කිරීම ප්‍රකාශ කිරීමක් වූ හෙයිනි.


කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ මාධ්‍ය කුටියේදී එම රාත්‍රී භෝජන සංග්‍රහය සකස් වි තිබිණ.