සටහන:සශිකලා මධුෂාණි
පෙබරවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊය(20)දිනයේ දී ලොව පුරා බලපැවැත්වෙන පරිදි 10%ක නව බදු පැනවීමේ ජනාධිපති නියෝගයකට අත්සන් කර තිබේ.
ඊයේ(20)දිනයේදී ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය වසරේ ධවල මන්දිරය ප්‍රකාශයට පත් කළ ගෝලීය තීරුබදු බොහොමයක් නීති විරෝධී බවත්, ජනාධිපතිවරයා තම බලතල ඉක්මවා ගොස් ඇති බවත් විනිසුරුවන් 6-3 තීරණයකින් ප්‍රකාශ කර ගෝලීය තීරුබදු අවහිර කිරීමකට ප්‍රතිචාර වශයෙන් මෙම නව තීරුබදු පනවා ඇති අතර ඒවා පෙබරවාරි 24 වන දින සිට ක්‍රියාත්මක වේ.
මේ සමබන්ධයෙන් සිය Truth Social සමාජ මාධ්‍ය වේදිකාවේ විශේෂ සටහනක් එක්කරමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, විනිසුරුවන් විසින් ගනු ලැබූ තීන්දුව ජාතියට කරන නින්දාවක් බවත්, අධිකරණයේ ඇතැම් සාමාජිකයන් ගැන ලැජ්ජාවට පත්වන බවත්, අපේ රටට හරි දේ කිරීමට ධෛර්යයක් නොතිබීම ගැන කලකිරීමට පත්වන බවත්,1974 වෙළඳ පනතේ 122 වන වගන්තිය යටතේ ගෝලීය වශයෙන් තීරුබදු 10% කින් වැඩි කරන නියෝගයකට වහාම අත්සන් කරන බවත්, තවදුරටත් තීරුබදු වලට ඉඩ සලසන අසාධාරණ වෙළඳ පිළිවෙත් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරන බවත්ය.
නියෝගයේ ඇතැම් ඛනිජ, ස්වාභාවික සම්පත් සහ පොහොර; දොඩම් සහ හරක් මස් වැනි සමහර කෘෂිකාර්මික නිෂ්පාදන; ඖෂධ; සමහර ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ඇතැම් වාහන ඇතුළු විවිධ නිදහස් කිරීම් සඳහන් වන අතර නිදහස් භාණ්ඩ කාණ්ඩ බොහොමයක් සඳහා, නියෝගය පුළුල් වන අතර නිදහස් කළ හැකි අයිතම මොනවාදැයි විශේෂයෙන් සඳහන් කර නොමැත.
රජයේ නවතම දත්ත වලට අනුව, ඇමරිකා එක්සත් ජනපදය දැනටමත් IEEPA නීතිය භාවිතා කරමින් අවම වශයෙන් ඩොලර් බිලියන 130 ක තීරුබදු එකතු කර ඇති අතර මෑත සතිවලදී, සිල්ලර වෙළෙන්දා වන කොස්ට්කෝ, ඇලුමිනියම් දැවැන්තයා වන ඇල්කෝවා සහ ටූනා මාළු සන්නාමයක් වන බම්බල් බී වැනි ආහාර ආනයනකරුවන් ඇතුළු සිය ගණනක් සමාගම්, මුදල් ආපසු ගෙවීමක් සඳහා පෙළගැස්වීමේ උත්සාහයක් ලෙස, තීරුබදු වලට එරෙහිව නඩු පවරා ඇත.
නියෝගයේ ඇතැම් ඛනිජ, ස්වාභාවික සම්පත් සහ පොහොර; දොඩම් සහ හරක් මස් වැනි සමහර කෘෂිකාර්මික නිෂ්පාදන; ඖෂධ; සමහර ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ඇතැම් වාහන ඇතුළු විවිධ නිදහස් කිරීම් සඳහන් වේ.

