දෙවුන්දර වෙඩිතැබීමක්. පුද්ගලයකු මරුට !

ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්‍රදේශයේ, සුපිරි වෙළඳසැලක් අසලදී අද (21) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අළු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබිණි.

එහිදී තුවාල ලැබූ පුද්ගලයකු ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ ‘ඩිලයිට් මුදලාලි’ නමින් හැඳින්වෙන 55 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකු බව සඳහන්.

මෙම වෙඩිතැබීම සඳහා වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මි.මී. 9 වර්ගයේ ගිනිඅවි දෙකක් භාවිතා කර ඇති බවට පොලීසිය සැකකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට රු. මිලි. පහක අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...