චීනය ඇවිස්සීම කලාවක් නම් ඇමරිකාව එහි පිකාසෝ වේ; චීනයට අඳුකොළ වන් ඇමරිකන් සංචාර නැවත තායිවානයට

එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසිගේ මතභේදාත්මක තායිවාන් සංචාරයෙන් දින 12 කට පසු, එක්සත් ජනපද කොන්ග්‍රස් නියෝජිත පිරිසක් තායිවානයේ හදිසි සංචාරයක් සඳහා ඊයේ (14)දිනයේ පැමිණ තිබේ.

ඩිමොක්‍රටික් සෙනෙට් සභික එඩ් මාර්කිගේ නායකත්වයෙන් යුත් සාමාජිකයින් පස්දෙනා තායිවාන නායකයින් සමඟ කලාපීය ආරක්ෂාව, වෙළඳාම සහ ආයෝජන ඇතුළු ගැටළු සාකච්ඡා කරනු ඇති බව සඳහන් වේ. තායිවානයේ ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කණ්ඩායමේ සංචාරය ඉන්දු පැසිෆික් කලාපයේ පුළුල් සංචාරයක කොටසක් බවයි.

අගෝස්තු මස මුලදී පෙලෝසි මහත්මියගේ සංචාරයෙන් පසුව චීනය තායිවානය වටා සිය විශාලතම යුධ අභ්‍යාස දියත් කළේය. බෙයිජිං තායිවාතායිවානය ආසන්නයේ හමුදා අභ්‍යාස දිගටම කරගෙන යයි. තායිවාන සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව චීන ගුවන් යානා 22ක් සහ නාවික නෞකා හයක් සොයා ගත් බව ඊයේ දිනයේද දක්නට වූ බව තායිවානය නිවේදනය කර තිබේ. චීනයේ යුද අභ්‍යාසවල උච්චතම අවස්ථාව වන විට, තායිවානය තම අසල්වැසියාට චෝදනා කළේ කලාපයේ පවතින තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ කරන බවයි.

ආර්ථික සම්භාදක පනවමින් පසුගිය දින කිහිපය පුරා චීනය වියරු වැටී සිටි අතර එය කලාපීය ආරක්ෂාවට බලවත් තර්ජනයක් බවට පත් විය. සාමාන්‍ය ගුවන් ගමන් ඇණ හිටි අතර ජන ජීවිතය අඩාල විය. තායිවානය චීනයේ කොටසක් වශයෙන් සලකන චීනයයේ කෝපය නැවත නැවත ඇවිස්සීමට ඇමරිකාව දරන උත්සහය පිළිබඳ වචාරකයන් විවිධ අදහස් දක්වමින් තිබේ.

කාම්බෝජයේ පැවති අග්නිදිග ආසියානු විදේශ අමාත්‍යවරුන්ගේ හමුවකදී අදහස් දක්වමින් චීනයේ විදේශ අමාත්‍යවරයා අවධාරනය කළේ තායිවානය “අවසානයේ මාතෘභූමිය වැලඳ ගැනීම වෙත ආපසු පැමිණෙනු ඇති” බවයි.

එක්සත් ජනපදය තායිවානය නිල වශයෙන් පිළි නොගන්නා මුත් එය දිවයින සමඟ ශක්තිමත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යයි, එයට තායිවානයට තම ආරක්ෂාව සඳහා ආයුධ විකිණීම ඇතුළත් වේ. නව ධුතපිරිසගේ පැමිණීම පිළිබඳව තායිවාන ජනාධිපති සායිගේ කාර්යාලය පැවසුවේ මාසයේ දෙවන ඉහළ මට්ටමේ ඇමරිකානු සංචාරය තායිවානයට “ස්ථිර සහයෝගය” සංඥා කළ බවයි.

සශිකලා මධුෂාණී_ අවුට්බවුන්ඩ් ටුඩේ

සබැඳි ලිපි : ඇවිළෙන ගින්නට පිදුරු දමන නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරය. https://outboundtoday.com/%e0%b6%87%e0%b7%80%e0%b7%92%e0%b7%85%e0%b7%99%e0%b6%b1-%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%a7-%e0%b6%b4%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%af%e0%b6%b8%e0%b6%b1/

චීනය විසින් බැලස්ටික් මිසයිල දියත් කිරීම අරඹයි https://outboundtoday.com/%e0%b6%a0%e0%b7%93%e0%b6%b1%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b6%e0%b7%90%e0%b6%bd%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%92%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b8%e0%b7%92/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...