සටහන – රුවන් නෙළුගොල්ල
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ඊයේ (24) දිවුරුම් දී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ආ ව්‍යවස්ථාව ප්‍රකාරව 2026 පෙබරවාරි මස 24 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.
ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ගුවන්විදුලි, පුවත්පත් සහ සමාජ මාධ්‍ය රාජ්‍ය අනුමණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස සේවය කරන මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ අංශාධිපති ලෙසද රුහුණ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති ලෙසද කටයුතු කර තිබේ.




