‘සිවිල් වැසියන් ඝාතනය කිරීමට කිසිදු හේතුවක් සාධාරණීකරණය කළ නොහැක’ ඉන්දීය අගමැති මොදී ඊශ්‍රායල් පාර්ලිමේන්තුව අමතයි

0
3

සටහන:සශිකලා මධුෂාණි
පෙබරවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදී ඊයෙන්(25)ඇරඹි ඊශ්‍රායලයේ සිය දෙදින සංචාරයේදී ඊශ්‍රායල් පාර්ලිමේන්තුව අමතමින් ‘සිවිල් වැසියන් ඝාතනය කිරීමට කිසිදු හේතුවක් සාධාරණීකරණය කළ නොහැකි බව ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය නායකයකු ඊශ්‍රායල් පාර්ලිමේන්තුව අමතන ලද පළමු අවස්ථාව මෙය වන අතර නරේන්ද්‍ර මොදී 2023 ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රමුඛ සටන්කරුවන්ගේ ප්‍රහාරය ම්ලේච්ඡ ලෙස හෙළා දකිමින්, ඉන්දියාව පුර්ණ විශ්වාසයෙන් ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදී ඊශ්‍රායලයේ බෙන් ගුරියන් ගුවන් තොටුපළේදී ඇති උත්කර්ෂවත්ව පිළිගනු ලැබු ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබුණේ, නරේන්ද්‍ර මොදී මිතුරෙකුට වඩා සහෝදරයකු බවත්, දෙරට විශ්වාසවන්ත හවුල්කරුවන් බවත්, වෙළඳාම සහ ආරක්ෂාව, කෘතිම බුද්ධිය සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියා කරන බවත්ය.

ඉන්දියාව ඊශ්‍රායලයේ විශාලතම අවි ගැනුම්කරු වන අතර, 2020 සහ 2024 අතර කාලය තුළ ඊශ්‍රායල අවි සඳහා ඩොලර් බිලියන 20.5 ක් වියදම් කර ඇති අතර ගාසා තීරයේ පලස්තීනුවන් සමූල ඝාතනය කිරීමේදී ඊශ්‍රායලයට සහාය දැක්වීම සම්බන්ධයෙන් මෝදිට විවේචන එල්ල වී ඇති.