Home පුවත් ප්‍රදේශ කිහිපයකට වැසි – අද (27) කාලගුණය

ප්‍රදේශ කිහිපයකට වැසි – අද (27) කාලගුණය

0
3

සටහන – රුවන් නෙළුගොල්ල

අද (පෙබරවාරි 27) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දකුණු පළාතේත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

අළුයම් කාලයේදී දිවයිනපුරා තැනින් තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.