පෑනෙන් පැන්සලෙන් පින්සලෙ කැමරාවෙන් ඩාන්ස්වලින් ඔය කියන ඔක්කොගෙම්ම අපි ආර්ට් කරනවා. අපේ හුස්ම අපේ ගේස් එක අපේ අතපය එක එක කලර්ස් ලයිට්ස්, ආර්ට් එකක් එක්සිකියුට් කරන්න අපි යූස් කරනව. Baltimoraගෙ රිවීව් එක අද යන්නෙ වෙනස් ආර්ට් මෙතර්ඩ් එකක් පැත්තට.
ශැඩෝ. එහෙම නැත්තං සෙවනැලි. මේක කන්ටෙම්පරි ආර්ට් එකක්. ශැඩෝ එකක් යූස් කරලා හදන ඩාන්සින් කොරිඕස් අපි ඕන තරං දැකලා තියෙනවා. ඒක මාර අලුත් දෙයක් නෙවේ. හැබැයි ශැඩෝ එකක් එක්ක චිත්රයක් අඳින එක ටිකක් අලුත් වැඩක්. මේක හරි ඉන්ටරෙස්ටින් වැඩක්. බෙල්ජියමෙ ‘බෙල්’ කියලා වැඩකරුවෙක් තමා වැඩේ ‘වැඩක්’ විදියට ලෝකෙට ගේන්නෙ. මිනිහා දවසක් තේ එකක් බොනවා. තේ එක බොන ගමන් පොර මේසෙ උඩින් තේ කෝප්පෙ තියනවා. ඒකෙ හෙවනැල්ල බෙල් දකිනවා. මිනිහ නිකමට වගේ හෙවනැල්ලෙ හැඩේ යූස් කරලා අලියෙක්ව ස්කෙච් කරනවා. පස්සෙ ඒක ඉන්ස්ටර්ග්රෑම් එකේ අප්ලෝඩ් කරනවා. මිනිහට දහස් ගානක් අයගෙන් අන්බිලීවර්බල් ෆීඩ්බැක් එකක් ලැබෙනවා. ඒකෙන් මෝටිවේට් වෙන බෙල් මේ වැඩේ කන්ටිනිව් කරන්න හිතනවා. ශැඩෝ ආර්ට් කොන්සෙප්ට් එක වර්ල් වයිඩ් වෙන්න පටන් ගන්නෙ ඔහොමයි. මේ ඔක්කොම වෙන්නෙ 2016 දි.
ඕකේ දෙන් බෙල්, මිනිහගෙ නම වින්සෙන්ට් බෙල්. ශෝට්ෆිල්ම් මේකර් කෙනෙක්. මිනිහා මුලින්ම ශැඩෝ වැඩේ ඩිවෙලොප් කරගන්නෙ ඩේලයිට් එකෙන් කියලා කියනවා. හැබැයි සීසන් චේන්ජර්ස්වලදි ඒක අමාරුයි. ඒ නිසාම ආර්ටිෆිශල් ලයිට් එකක් යූස් කරලා මේ වැඩේ දිගින් දිගටම බෙල් කරගෙන එනවා.
බෙල් මේවට කියන්නෙ ‘ශැඩෝ ඩූඩ්ල්ස්’ කියලා. දිස් ඉස් ඇන් ආර්ට් ඈස් වෙල් ඈස් සයන්ස් දෝ. මේකට හරි කීන් ඇහැක් ඕනෙ. හරියට ෆිල්ම් එහෙකනම් ෆොලේ ආර්ටිස්ට් කෙනෙකුට වගේ. ෆොලේ ආර්ටිස් කෙනෙක් කරන්නෙ ෆිල්ම් එකක සවුන්ඩ් ඉෆෙක්ට්ස් නිර්මාණය කරන එක. යූ ටියුබ් එකේ ටිකක් කරක් ගැහුවොත් ඒකෙ මාවල් එක හොයාගන්න පුළුවන්. ලෙට්ස් තින්ක්! වීඩියෝ ක්ලිප් එහෙක අස්සයෙක් දුවනවා පේනවා. ඒ රයිඩ් එකේ සවුන්ඩ් එක වීඩියෝ ක්ලිප් එකට ඇඩ් කරන්නෙ එඩිටින් ප්රොසෙස් එකේදි. අස්සයා දුවන සද්දෙ ෆොලේ ආර්ටිස් ක්රියේට් කරන්න ඕනෙ. පොළවෙ අතුරපු පිදුරු ගොඩක් උඩට පොල් කටු දෙකක් ගහපුවාම එන සද්දෙ පික් කරලා අස්සයා දුවන සවුන්ඩ් එක ක්රියේට් කරනවා. අපිට හිතන්නවත් බැරි තින්ග්ස් ඇන්ඩ් ගුඩ්ස් යූස් කරලා වෙනම සද්ද නිර්මාණය කරන එක තමා ෆොලේ ආර්ටිස්ට් කෙනෙකුගෙ වැඩේ. එයාගෙ ඇහැට වඩා කීන් වෙන්න ඕනෙ කන.
ශැඩෝ ආර්ටිස්ට් කෙනෙක් කියන්නෙත් ඒ වගේ. එක එක ස්ටෆ්ස්වල ශැඩෝ එක යූස් කරලා හිතාගන්නවත් බැරි ආර්ට් එකක් මවනවා. ඒක පට්ටම වැඩක්. මීට කලින් ලෝකෙ මිනිස්සු මේ වගේ වැඩ කරන්ඩ ඇති. හැබැයි මේ වගේ විධිමත්ව මේ වැඩේ කරන්න පයනියර් උනේ බෙල්.
ඒ රෙස්පෙක්ට් එක එයාට මුළුමනින්ම අයිති වෙනවා. ලස්සනම වැඩේ තමයි මෙයාට ලැබෙනවා ජොබ් ටයිට්ල් එකක්, ‘ශැඩෝලොජිස්ට්’ කියලා. අපි ලංකාවෙ ඕන තරං ලොජිස්ට්ලා අහලා දැකලා තියෙනවා. සූලොජිස්ට්, සයිකොලොජිස්ට්, ෆිසියොලොජිස් වගේ එකී මෙකී ලොජිස්ට්ලා පොඩි කාලෙ ඉඳන් අපේ පොඩි උන් ඉගෙන ගන්නවා. ඒ නම ඒ රැකියාව කරන මිනිහට රෙස්පෙක්ට් එකක් ගේනවා. ඒක නිසාම පොඩි එකාගෙ ඉඳල ට්රයි කරන්නෙ ඔය කියන ජාතියේ ලොජිස්ට් කෙනෙක් වෙන්න. හැබැයි අපි කවදාවත් දන්නෑ අලුතෙන් ආර්ට් එකක් ඉන්ට්රඩියුස් කරන අපේ එකෙකුට ගෞරවයක් දෙන්න. ‘ශැඩෝලොජිස්ට්’ කියන්නෙ එහෙම රෙස්පෙක්ට් එකක් තියෙන නමක්. අපේ පොඩි එකෙක් කවදාවත් කියයිද මම ලොකු උනාම ශැඩෝලොජිස්ට් කෙනෙක් වෙනවා කියලා. එහෙම නමක් ඌ දන්නෙත් නෑ. ඌට උගන්නලත් නෑ. අපි නිකමට හිතමු ඌ එහෙම කිව්ව කියලා. එතකොට අපේ මහා එවුන් ඒක රෙස්පෙක්ටබල් ටයිට්ල් එකක් විදියට ඇක්සෙප්ට් කරයිද? වටිනා ආර්ටිස් කෙනෙක් විදියට ඇක්සෙප්ට් කරයිද? ඉට්ස් සින්!
පුංචි පුංචි පීසස් ගැන මිනිස්සු තරර්ලි කන්සර්න් වෙන තරමට මාස්ටර්පීසස් බිහි කරන්න පුළුවන් කියන්නෙ මේකට.
BALTIMORA