ජනපති රනිල් ජපානයේ සංචාරයකට …

0
722

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන මාසයේදී ජපානයේ සංචාරයක නිරත වීමට සැලසුම් කර තිබේ.

එහිදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

චීනය සහ ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති ප්‍රධාන රටවලට ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කරන්නැයි ආරාධනා කරන ලෙස තමන් ජපානයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවයි රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ.

RN