රෂිකා හෙන්නායක මාර්තු 08, කොළඹ LNW :
හික්කඩුව නාරිගම වෙරළ තීරයේදී හඳුනාගත් තෙල් තට්ටු පිළිබඳව බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
වෙරළට ගොඩගසා ඇති මෙම ද්‍රව්‍ය ලිහිසි තෙල් වර්ගයක් බවට තහවුරු වී ඇති අතර, ඒවා මීටර් 40ක පමණ ප්‍රදේශයක පැතිර පවතී.
මෙම පරිසර හානිය පිරිසිදු කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ වෙරළ ආරක්ෂක කණ්ඩායම් දැනටමත් ක්‍රියාත්මක වෙමින් සිටියි.
සිද්ධිය වූ ස්ථානයෙන් බැරල් සහ ටියුබ් කොටස් කිහිපයක් හමු වී ඇති නමුත්, මෙම අපද්‍රව්‍ය බැහැර කළ යාත්‍රාව මෙතෙක් හඳුනාගෙන නොමැත.



