ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:බාල ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම විසින් ලබා දී ඇති වාර්තාව අනුව එළඹෙන අප්‍රේල්,ජුනි මාස වල අඛණ්ඩ විදුලි සැපයුම සම්බන්ධයෙන් ගැටළු මතුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ජනන යන්ත්‍ර 03කින් යුක්තව එක් ජනන යන්ත්‍රයකින් මෙගාවොට් 300 බැගින් මෙගාවොට් 900ක් නෙරොච්චෝල බලාගාරය විසින් නිපදවන අතර ඒ අතරින් ඒක් යන්ත්‍රණයකින් මෙගවොට් 30ක් අභ්‍යන්තර ජනන ක්‍රියාවලිය හා අනෙකුත් අවශ්‍යතා සඳහා උපයෝගී කර ගන්නා නිසා එක් ඒකකයකින් මෙගවොට් 270ක් පාරිභෝගිකයන් සඳහන් වෙන් වන බවත් මේ අනුව ජුනි මාසයේ බලාගාරයේ ඒකක අංක 1 දින 25ක නඩත්තුවක් සඳහා ක්‍රියාවිරහිත කිරීමත් ජූලි මාසයේ ඒකක අංක 2 දින 25ක් නඩත්තු කටයුතු සඳහා ක්‍රියා විරහිත කරන විට අප්‍රේල් මාසයේ දින 10ක් කෙරවලපිටිය බලාගාරය නඩත්තු කටයුතු සඳහා ක්‍රියවිරහිත කරන බවත් ඊට අමතරව කැලණිතිස්ස 2 බලාගාරය ද නඩත්තු කටයුතු සඳහා ක්‍රියා විරහිත කරන විට පෙබරවාරි මාසයේ උපරිම රාත්‍රී කාලයේ ඉල්ලුම වන මෙගවොට් 2949 අප්‍රේල් වන විට මෙගවොට් 3030ත් ජුනි මාසයේ මෙගවොට් 3070ක් හා ජූලි මාසයේ මෙගවොට් 3000 වුවහොත් මහජන උපයෝගීතා කොමිසමේ වාර්තා අනුව අඛණ්ඩව විදුලි ලබා ගැනීම අපහසු වන බවයි විපක්ෂ නායකයා පෙන්වා දෙන්නේ.
බාල ගල් අගුරු උපයෝගී කර ගැනීම නිසා එක ඒකකයකින් නිපදවිය හැකි උපරිම ධාරිතාවට යා නොහැකි නිසා මේ ගැටලුව මතුවන බව පැහැදිලි වී තිබෙන බවද ඔහු කියා සිටියි.
මහජන උපයෝගීතා කොමිසමේ වාර්තා අනුව බාල ගල් අගුරු තුළින් විදුලිය නිපදවීමේ බරපතල හිගතාවක් ඇති බවත් මාර්තු 06 වැනිදා 1 වැනි යුනිට් එකෙන් මෙගවොට් 270ක් නිපදවිය යුතු වුවත් මෙගවොට් 226ක් නිපදවා ඇති අතර ඒකක 2න් මෙගවොට් 205ක් සහ ඒකක 3න් මෙගවොට් 194ක් නිපදවා ඇති බවත් මාර්තු 6 ජනන වාර්තාව අනුව මෙගාවොට් 185ක හිගතාවක් ඇති බවද ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
මේ ආකාරයට දිගටම බාල ගල් අගුරු නිසා විදුලි ජනනය අඩපණ වුවහොත් අප්‍රේල් ජුනි සහ ජූලි මාසවල අඛණ්ඩව විදුලිය අප රටේ විදුලි පාරිභෝගිකයන්ට සැපයීම අපහසු වන බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ.
මේ ප්‍රශ්නයට රජය ලබා දෙන විසදුම දිසා බලා ගෙන සිටින බවත් රජයේ වගකීම වන්නේ අඛණ්ඩව විදුලි සැපයුම සහතික කිරීම බවත් මහජන උපයෝගීතා කොමිසමට අනුව මේ මාස 3 පාරිභෝගිකයාට අඛණ්ඩව විදුලිය සැපයිය නොහැකි බවත් මේ ගැටලුවට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සපයන පිළිතුරු දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පවසයි.




