සටහන – රුවන් නෙළුගොල්ල
ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කර තිබේ.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 303ක් වේ.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 353කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 365ක් වේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 317ක් වශයෙන් සඳහන්.
ලංකා භූමිතෙල් මිල රුපියල් 13කි ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 195කි.
මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට සමගාමීව ලංකා IOC සමාගමේ ඉන්ධන මිල ගණන් ද ඉහළ දැමීමට තීරණය කර තිබේ.





