Home දේශපාලන පුවත් කටකතා විජිත සහෝදරයා කියපු දේ විදෙස් නියෝජිතයින්ට තේරුණා. මෙහෙ ඉංග්‍රීසි දන්නැති එවුන්ට තේරිලා...

විජිත සහෝදරයා කියපු දේ විදෙස් නියෝජිතයින්ට තේරුණා. මෙහෙ ඉංග්‍රීසි දන්නැති එවුන්ට තේරිලා නෑ – මන්ත්‍රී ලක්ෂ්මන්

සටහන – රුවන් නෙළුගොල්ල

ඉන්දියාවේ පැවති රයිසිනා සංවාදයේදී අමාත්‍ය විජිත හේරත් මහතා පැවසූ කරුණු එම සංවාදයට සහභාගී වූ විදෙස් නියෝජිතයින්ට අවබෝධ වී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි.

“විදේශ අමාත්‍යතුමා තමන්ට පුළුවන් විදියට ඒකට උත්තර දීලා තියෙනවා. මං හිතන්නෙ අර සජිත් ප්‍රේමදාසගෙ ඉංග්‍රීසි අපි කවුරුවත් දන්නෙ නෑ. ඕක වෙන්න ඇති ඔය විපක්ෂයෙ අය අහන්නෙ. බැරෑරුම් ඉංග්‍රීසි එක්ක කතා කරනවානෙ. හැබැයි ඒ සම්මුඛ සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච විදෙස් රටවල කට්ටියට විජිත හේරත් සහෝදරයා කියපු දේ තේරිලා තියෙනවා. මෙහෙ ඉංග්‍රීසි දන්නැති එවුන්ට තේරිලා නෑ. ඒකයි වෙලා තියෙන්නෙ”

ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා මේ බව පැවසුවේ ඊයේ (09) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.