ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: තිරසර සංචාරක කර්මාන්තයක් සහතික කිරීම වෙනුවෙන් 2026 – 2028 සඳහා නව වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබේ.
එමඟින් මෙරට සංචාරක විභවතා පවතින ගමනාන්ත හඳුනාගෙන ඒවායෙහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට නියමිතයි.
රු. මිලියන 1667.03ක මුදලක් ඊට ඇස්තමේන්තු ගත කර ඇත. යාපනය දිස්ත්‍රික්කය තුළ සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සදහා රු. මිලියන 131.02ක් ඇස්තමේන්තුගත වියදමකින් යුතු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ද ලබා දී ඇත.
ඒ අනුව 2026 – 2028 නව සංචාරක ව්‍යාපෘතිය සහ යාපනය දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය 2026 වසරේදී ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විදේශ කටයුතු,විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


