2026 – 2028 සඳහා නව සංචාරක වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: තිරසර සංචාරක කර්මාන්තයක් සහතික කිරීම වෙනුවෙන් 2026 – 2028 සඳහා නව වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබේ.

එමඟින් මෙරට සංචාරක විභවතා පවතින ගමනාන්ත හඳුනාගෙන ඒවායෙහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට නියමිතයි.

රු. මිලියන 1667.03ක මුදලක් ඊට ඇස්තමේන්තු ගත කර ඇත. යාපනය දිස්ත්‍රික්කය තුළ සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සදහා රු. මිලියන 131.02ක් ඇස්තමේන්තුගත වියදමකින් යුතු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ද ලබා දී ඇත.

ඒ අනුව 2026 – 2028 නව සංචාරක ව්‍යාපෘතිය සහ යාපනය දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය 2026 වසරේදී ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විදේශ කටයුතු,විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...