අත්අඩංගුවට ගත් CID හිටපු අධ්‍යක්ෂට ඇප. විදෙස් ගමන් තහනම්

විමර්ශනයකට බාධා කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ප්‍රසාද් රණසිංහ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ, ඔහුව ඊයේ (10) දිනයේදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

එහිදී දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හරින ලෙස නියෝග කළ අතර ඔහුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටත් නියෝග කළේය.

කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා භූමියේ තිබූ මහනුවර රාජධානියට අයත් සිංහල රාජවංශයේ අවසන් රජු වන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාවේ මාලිගාවේ පිවිසුම් පියගැට පෙළ අසල තිබූ ඓතිහාසික පුරාවිද්‍යා වටිනාකමින් යුත්ත “සඳගල” නම් පුරා වස්තුව සොරකම් කිරීමට අදාළව සිදුකරන ලද විමර්ශනය නිසි පරිදි සිදු නොකිරීමට බලපෑම් කිරීම සහ අදාළ වරදට සම්බන්ධ ඇතැම් සැකකරුවන්ට ඉන් ගැලවී යාමට ආධාර කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ප්‍රසාද් රණසිංහව ඊයේ අත් අඩංගුවට ගෙන තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...