Home සංවර්ධන පුවත් ශ්‍රී ලංකා සංවර්ධනය වෙනුවෙන් ADB වෙතින් සහය!

ශ්‍රී ලංකා සංවර්ධනය වෙනුවෙන් ADB වෙතින් සහය!

රෂිකා හෙන්නායක මාර්තු 12, කොළඹ LNW :

ආසියානු සංවර්ධන බැංකුව (ADB) 2026 වසරේ සිට ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියනයකට අධික මූල්‍ය සහයෝගයක් ලබා දීමට සූදානම් වන බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය සහ බැංකු ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවකදී, ඩිජිටල් ආර්ථිකය ප්‍රවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය සහ කලාපීය වෙළඳාමට එක්වීම පිළිබඳව අවධානය යොමු කර ඇත.

මීට අමතරව, ‘ඩිට්වා’ සුළි කුණාටුවෙන් පසු සිදු කෙරෙන නැවත ගොඩනැඟීමේ කටයුතු සහ කාන්තා ව්‍යවසායකත්වය සවිබල ගැන්වීම සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා වී තිබේ.

අධ්‍යාපනය හා නිපුණතා සංවර්ධනය කෙරෙහි ද මෙහිදී ප්‍රමුඛතාවයක් ලබා දී ඇති අතර, එය රටේ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වයට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර පවතින ශක්තිමත් සංවර්ධන හවුල්කාරිත්වය මෙමගින් මනාව තහවුරු වේ.