තෙල් ප්‍රශ්නයක් ආවොත් සහය ඉන්දියාවෙන්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ මෙරට බලශක්ති අවශ්‍යතාවයට එල්ල විය හැකි බලපෑම් අවම කරගැනීම වෙනුවෙන් ඉන්දියාවේ සහය හිමිව තිබේ.

ඒ අනුව මැදපෙරදිග යුදමය වතාවරණය අඛණ්ඩව පැවතිය හොත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ලබාදෙන ලෙසට අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දියාවෙන් කළ ඉල්ලීමට ධනාත්මක ප්‍රතිචාර ලැබී තිබෙන ඇති බව සඳහන්.

අමාත්‍යාංශය නිවේදනය කරන්නේ මාර්තු 06 වනදා ඉන්දියාවේ සිදුකළ සංචාරය අතරතුර, ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සමඟ පැවැති නිල හමුවේදී විජිත හේරත් අමාත්‍යවරයා උක්ත ඉල්ලීම සිදුකර ඇති බවයි.

අමාත්‍යවරයාගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය ධනාත්මක ප්‍රතිචාරය ලබා දී ඇති අතර, ඒ සඳහා ගත යුතු ඉදිරි පියවර සහ ක්‍රියාමාර්ග මේ වන විටත් ගනිමින් පවතින බව වැඩිදුරටත් දන්වා ඇත.

මෙමඟින් ඉදිරි කාලසීමාව තුළ මෙරටට අවශ්‍ය ඉන්ධන සැපයුම අඛණ්ඩව සහ සුරක්ෂිතව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කෙරෙනු ඇති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...