Home සංවර්ධන පුවත්  සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

 සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක මාර්තු 13, කොළඹ LNW :

2026 වසරේ මුල් කාලසීමාව තුළ මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් සිදුවී ඇති බව වාර්තා වේ.

ජනවාරි මස සිට මාර්තු 11 දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් හයලක්ෂ විසිතුන්දහසකට අධික පිරිසක් මෙරටට පැමිණ ඇති බව සංඛ්‍යාලේඛන මගින් තහවුරු කරයි.

මෙහිදී ඉන්දියානු සංචාරකයින් වැඩිම දායකත්වයක් ලබා දී ඇති අතර, එක්සත් රාජධානිය, රුසියාව සහ ජර්මනිය වැනි රටවලින් ද ඉහළ පැමිණීමක් වාර්තා වී ඇත.

මාර්තු මාසයේ මුල් දින එකොළහ තුළ පමණක් සංචාරකයින් 66,996 දෙනෙකු දිවයිනට පැමිණීම විශේෂත්වයකි.

ඒ අනුව, මෙම දත්ත මගින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරක ගමනාන්තයක් ලෙස ශීඝ්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතින ආකාරයයි.