වනාතවිල්ලුවේදී මත්ද්‍රව්‍ය තොගයක් අද (13) දහනය කර විනාශ කෙරේ.. 

රෂිකා හෙන්නායක මාර්තු 13, කොළඹ LNW :

ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ විශාල මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීම අද (13) දින සිදු කිරීමට නියමිතයි .

ඒ අනුව, කොළඹ මහාධිකරණයේ පැවති අදාළ නඩු කටයුතු අවසන් වීමෙන් පසු මෙම පියවර ගෙන ඇති අතර, පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පිහිටි විශේෂිත උදුනකදී මෙම දහනය කිරීම සිදු කෙරේ.

මෙහිදී හෙරොයින්, කැතීන්, කොකේන් සහ මත්පෙති ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය රාශියක් සහමුලින්ම විනාශ කිරීමට නියමිතය.

මෙම තොගය දැඩි ආරක්ෂාව මධ්‍යයේ අධිකරණ සංකීර්ණයේ සිට අදාළ ප්‍රදේශය වෙත ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා තිබුණි.

මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමේ රජයේ ක්‍රියාවලියේ එක් පියවරක් ලෙස මෙම විධිමත් විනාශ කිරීමේ ක්‍රියාවලිය හැඳින්විය හැකිය.