එදා ජනතාව හරි තීන්දුව ගත්තානම් අද රට මෙතරම් අගාධයකට වැටෙන්නේ නෑ – සජිත් (VIDEO)

Date:

එදා රටේ ජනතාව නිවැරදි තීන්දුව ගත්තා නම් අද මේ රට පත්ව ඇති තත්ත්වයටත් ජනතාව වැටී ඇති තත්වයටත් පත් වෙන්නට තමන් කිසිවිටෙකත් ඉඩ නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ වන විට ගෝඨාභය රාජපක්ෂලා නැවත කරලියට එමින් සිටින බවත්,ඒ හරහා සැඟවී සිටි කපුටන් ක්‍රියාත්මක වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා, නැවතත් පරණ සෙල්ලම ආරම්භ වී ඇතැයි ද පෙන්වා දුන්නේය.

ආණ්ඩුවේ බලවතුන් තම තමන්ගේ බල න්‍යායපත්‍රය තහවුරු කරගැනීම වෙනුවෙන් මේ මොහොතේ සර්වපාක්ෂික සූදුවක් පටන් ගෙන ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා රටේ ජනතාව අන්ත අසරණ වී සිටියදී කපුටු ආණ්ඩුවක ඇමති තනතුරු ලබා ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේය.

කෙසේ වෙතත් මේ මොහොතේ රට පත්ව සිටින්නේ වෙන කවරදාටත් වඩා විශේෂ තත්ත්වයකට බව පැවසූ විපක්ෂ නායකවරයා සම්ප්‍රදායික විපක්ෂයක භූමිකාවෙන් ඔබ්බට ගොස් රට වෙනුවෙන් කැප වන බව ද පැවසීය.

රට ගොඩනැගීමේ කටයුත්ත පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම වෙනුවෙන් ලබන සතියේ ජනාධිපතිවරයා හමුවන බව පැවසූ ඒ මහතා රට වෙනුවෙන් තම වගකීම නොපිරිහෙලා ඉටුකරන බවත් ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ඊයේ (20) යටියන්තොට සමගි ජනබලවේගයේ ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Kohli සහ Anushka ගේ සිහින විමානෙන් එහා ලෝකයට…

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රසිද්ධ ක්‍රිකට්...

රාජු බණ්ඩාර: සංගීතඥයෙකු, ගායකයෙකු සහ නළුවෙකු වූ සුප්‍රකට වාදකයාගේ අප්‍රකට තොරතුරු

"ඔහුට තිබුණා ගායකයෙකුට පිහිටන දුර්ලභ විශේෂත්වයක්. ඒ, අව්‍යාජ ළයාන්විත...

Deadpool, Loki සහ Thor වැනි මාර්වල් ලෝකයේ තවත් වීරයන් ඇතුළත් 2026 Avengers නිල පෝස්ටරය Marvel Studios එලිදක්වයි!

සටහන – පුලී ජනවාරි 17, කොළඹ (LNW): මාර්වල් ස්ටූඩියෝස් 2026...

ග්‍රීන්ලන්තයේ සුන්දරත්වය මොහොතක් විඳගමුද?

රෂිකා හෙන්නායක ජනවාරි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම මූලාශ්‍රය...