Home පුවත් ගෞරවාන්විතව තම මව්බිම වෙත යන ඉරාන නාවික දේහයන්!

ගෞරවාන්විතව තම මව්බිම වෙත යන ඉරාන නාවික දේහයන්!

රෂිකා හෙන්නායක මාර්තු 13, කොළඹ LNW :

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්ව විනාශ වූ ඉරාන නෞකාවක සිටි නාවිකයන් 84 දෙනෙකුගේ දේහයන් යළි එරටට යැවීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඉරාන තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත මෙම දේහයන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා විශේෂ ගුවන් යානයකින් පිටත් කර හැරීමට නියමිතය.

පසුගියදා සිදුවූ මෙම දරුණු අනතුරෙන් පුද්ගලයන් 180ක් පමණ පිරිසක් පීඩාවට පත්වූ අතර, ඉන් දිවි ගලවාගත් පිරිසකට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබා දී තිබේ.

අමෙරිකානු සබ්මැරීනයකින් එල්ල කළ ටොපිඩෝ ප්‍රහාරයක් හේතුවෙන් මෙම නෞකාව මුහුදුබත් වූ බව පසුව තහවුරු විය.

ඒ අනුව, මියගිය නාවිකයන්ගේ දේහයන් ගෞරවාන්විතව තම මව්බිම වෙත යැවීමේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලිය සාර්ථක ලෙස සිදුකෙරෙනු ඇත.