විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සොහොයුරිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මියව ඊයේ (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ය.
අදාළ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව පිටතට පැමිණි ඒ මහත්මිය මාධ්‍ය වෙත සඳහන් කළේ අදාළ සිදුවීම වන අවස්ථාවේදී තමන් ද එම ස්ථානයෙහි පසෙකින් සිටි බවත් විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදෙන්නැයි කරන ලද දැනුම් දීම අනුව තමන් පැමිණ ප්‍රකාශයක් ලබාදුන් බවත් ය.
RN