සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය හේතුවෙන් ආර්ථික බලපෑම මැඩපැවැත්වීම සඳහා රුසියානු තෙල් මිලදී ගැනීම වෙනුවෙන් එක්සත් ජනපදය සම්බාධක ලිහිල් කර ඇති බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර තිබේ.
මෙම තාවකාලික සම්බාධක ලිහිල් කිරීම අප්‍රේල් 11 වන දින දක්වා බලපැවැත්වෙන අතර ගෝලීය බලශක්ති වෙළඳපොළවල ස්ථාවරත්වය සඳහා මෙලෙස රුසියානු සම්බාධක තාවකාලිකව ලිහිල් කළ බව කියැවේ.
එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාර වලට ප්‍රතිචාරයක් වශයෙන් ඉරානය ගල්ෆ් කලාපයේ නැව් සහ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල කළ ප්‍රහාර මෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම ගෝලීය බලශක්ති වෙළඳපොළ කැළඹීමට පත්කර ඇත. ඊයේ(12)දිනය වන විට තෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා ඇති අතර රුසියාව නිවේදනය කර ඇත්තේ මේවන විට ඔවුන් සතුව දැනට ප්‍රවාහනයේ තෙල් බැරල් මිලියන 100 ක් පමණ ඇති බවයි.



