Home විදෙස් රුසියාව, ඉරානයට විශාල වෛද්‍ය ආධාර තොගයක් යවයි

රුසියාව, ඉරානයට විශාල වෛද්‍ය ආධාර තොගයක් යවයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
රුසියාවේ සිවිල් ආරක්ෂක, හදිසි අවස්ථා සහ ස්වාභාවික විපත් වල ප්‍රතිවිපාක තුරන් කිරීමේ අමාත්‍යාංශය (EMERCOM) අසර්බයිජානය හරහා ඉරානයට ටොන් 13 ක වෛද්‍ය සැපයුම් යවන බව නිවේදනය කර තිබේ.

නිල ප්‍රකාශවලට අනුව, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ උපදෙස් සහ හදිසි අවස්ථා අමාත්‍ය ඇලෙක්සැන්ඩර් කුරෙන්කොව්ගේ මඟ පෙන්වීම යටතේ මානුෂීය ආධාර ගුවන් ගමන EMERCOM ගුවන් සේවා විසින් සංවිධානය කරනු ලබන අතර පවතින කලාපීය අර්බුදයෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට සහාය වීම සඳහා අදහස් කරන ප්‍රථමාධාර සහ අනෙකුත් තීරණාත්මක වෛද්‍ය ද්‍රව්‍ය ඇතුළත් වේ.

රුසියාවේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා ඉරානයේ තත්වය සම්බන්ධයෙන් හමුදා ක්‍රියාමාර්ග හේතුවෙන් ඉරාන සිවිල් වැසියන් දහස් ගණනකට හානි සිදුවී ඇති බවත්, කලාපයේ සිදුවන හමුදා ප්‍රහාර හේතුවෙන් රෝහල් සහ වෛද්‍ය පහසුකම්වලට පුළුල් හානියක් සිදුවී ඇති බවත් සඳහන් කර තිබු අතර ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඉරානයේ සෞඛ්‍ය සේවාවලට ඇති වන බාධාවන් ඉස්මතු කර වෛද්‍ය යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර මානුෂීය බලපෑම තවත් උග්‍ර කළ හැකි බවට අනතුරු අඟවා ඇත.