දික්ඕවිට වරායට ගෙනා යාත්‍රාවේ බිලියන 3ක මත්ද්‍රව්‍ය!

කොළඹ LNW:දෙවුන්දරට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 123කට ආසන්න ප්‍රමාණයක් තිබූ බවත් එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 3කට ආසන්න බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසයි.

එම යාත්‍රාව අද (16) උදෑසන දික්ඕවිට වරායට රැගෙන විත් තිබුණි.

ඒ අනුව එම යාත්‍රාව තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගුව තිබූ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

දෙවුන්දරට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම බහුදින ධීවර යාත්‍රාව ඊයේ (15) දිනයේදී නාවික හමුදාව විසින් වැටලූ අතර ඒ තුළ තිබූ මත්ද්‍රව්‍ය උර 6ක් ද නාවික හමුදා භාරයට ගනු ලැබීය.

යාත්‍රාව තුළ සිටි සැකකරුවන් 5ක්ද නාවික හමුදා භාරයට ගනු ලැබූ අතර යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙන ඒමෙන් පසු ඔවුන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර බේරුවල මුහුදු සීමාවේදී තවත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක බහුදින ධිවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.

එම බහුදින ධීවර යාත්‍රාවද මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවතින බව සඳහන්.

පසුගිය සතියේදී දකුණු මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රා 3ක් නාවික හමුදාව විසින් වැටලූ අතර මෙම වසර තුළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රා 7ක්ද නාවික හමුදාව හඳුනාගෙන තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...