රෂිකා හෙන්නායක මාර්තු 16, කොළඹ LNW :
බේරුවල මුහුදු සීමාවේදී සිදුකළ සුවිශේෂී මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර , නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාවක තිබී රුපියල් බිලියනයකට වඩා වටිනා කොකේන් කිලෝග්‍රෑම් 250කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත.
මෙම මෙහෙයුමේදී අදාළ යාත්‍රාවේ සිටි පුද්ගලයන් හය දෙනෙකු ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් යාත්‍රාව වැඩිදුර පරීක්ෂණ සඳහා දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර ඇත.





