BringGotaHome තවදුරටත් ප්‍රමාදයි – 24 එන්නෙ නෑ !

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යළි ආගමනය තවදුරටත් ප්‍රමාද වන බව වාර්තා වේ. හිටපු ජනාධිපතිවරයා 24 වැනිදා මෙරටට පැමිණෙන බව ඔහුගේ සමීපතමයන් පවසා තිබූ නමුත් ඔහු එම අදහස අතහැර දමා තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර සේනාධීර මහතා මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරගෙන සිටින නමුත් 24 වැනිදා නොපැමිණෙන බවයි.

ඔහු යළි පැමිණෙන දිනය පිළිබඳව මේ දක්වා නිශ්චිත තීරණයක් ගෙන නොමැත.

උත්සන්න වූ මහජන විරෝධය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගිය අතර දින කිහිපයකට පසුව සිංගප්පූරුව වෙත ගොස් තිබිණි. සති කිහිපයකට පසුව රාජපක්ෂ මහතා තායිලන්තය වෙත ගමන් කළ අතර මාස කිහිපයක් එහි රැඳී සිටීමට ඔහුට අවසර ලැබී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ප්‍රශ්නය විසදන්න අලි වැටත් එක්කම අලි කොරිඩෝවක්!

කොළඹ LNW:අලි ගම්වැදීම වැලැක්වීම වෙනුවෙන් මාදුරු ඔය වන උද්‍යානයේ...

වහාම ක්‍රියාත්මක වන පරිදි නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : වහාම ක්‍රියාත්මක වන...

මාස පහයි පැමිණිලි 2000 ඉක්මවයි!

කොළඹ LNW:වසරේ ගෙවුණු මාස 05ක කාලය තුළ අල්ලස් හෝ...

ඇමරිකාව සමග වෙළඳ ගනුදෙනු සිදු කරන රටවලට චීනයෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ඇමරිකාව සමග වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමේදී චීනයේ...