අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ,අන්තර් විශ්ව විද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ගුණතිලක යන තිදෙනා යම්කිසි ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ බවට සැක කරන්නේ නම් ඔවුන්ව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට (TID) භාර දෙන ලෙස පොලිස්පතිවරයා උපදෙස් දී ඇත.
පසුගිය 18 වැනිදා පවතී උද්ඝෝෂණයේදී ඔවුන් අත්අඩංගුවට ගැනුණු අතර ප්‍රශ්න කිරීම සනහා පැය 72ක රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලීසිය කටයුතු කර තිබුණි.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා ප්‍රශං කිරීම සඳහා විමර්ශන නිලධාරීන් ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන නමුත් මෙතෙක් ඊට අනුමැතියක් හිමි වී නැහැ.
පෑළියගොඩ පොලීසිය අත්අඩංගුවේ පසුවෙන වසන්ත මුදලිගේව විමර්ශන සනහ පොලීසියෙන් පිටතට රැගෙන ගොස් ඇති නමුත් ඔහුව රැගෙන ගියේ කොතැනටද යන්න අනාවරණය කර නැත.
ASK