පොලිසියේ මංකොල්ල කල්ලියක් අත්අඩංගුවට !

Date:

කොට්ටාව ප්‍රදේශයේදී තරුණයෙකුගේ ගෙළ බැඳි මාලය කඩාගෙන, ඔහුගේ ඇපල් වර්ගයේ ජංගම දුරකථනය මංකොල්ල කෑ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු කොට්ටාව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම පොලිස් නිලධාරීන් සිව්දෙනා මාලබේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අය වෙති. ඔවුන්ගෙන් එක් අයෙකු සැරයන්වරයකු වන අතර සෙසු තිදෙනා කොස්තාපල්වරුන් වේ.

වීරකැටිය ප්‍රදේශයේ පදිංචි තරුණයකු පසුගිය 20 වනදා කොට්ටාව විද්‍යාල හංදියේ පිහිටි සිය සහෝදරියගේ නිවසට පැමිණ එම නිවස ඉදිරිපිට සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි මෙම පොලිස් නිලධාරීන් සිව්දෙනා ඔහුගේ රන් මාලය සහ ජංගම දුරකථනය කොල්ලකා පළාගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.

එම කොල්ලය සඳහා යොදාගත් ත්‍රීරෝද රථයත් කොල්ල කෑ රන් මාලය සහ ජංගම දුරකථනයත් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ගලා ගිය කඳුළු මිහිදන් වූ හැටි…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිඩ්නිහි බොන්ඩි වෙරළ...

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...