යළිත් තෙල් පෝලිම් ඇතිවන ලකුණු – ඉන්ධන නිකුත් කිරීම සීමා කරලා !

Date:

දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන නිකුත් කිරීම දිනෙන් දිනම සීමා කරමින් තිබෙන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. මෙම තත්වය මත යළිත් ඉන්ධන පෝලිම් ඇතිවීමට ඉඩ තිබෙන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

QR කේතය අනුව ඉන්ධන අලෙවි කිරීම ආරම්භ කිරීමත් සමග ඉන්ධන පෝලිම් අවසන් වූ අතර මේ වනවිට කිසිදු ඉන්ධන පිරවුම්හලක පෝලිම් දක්නට නොලැබේ. මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමත් සමග ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ පැහැදිලි අඩුවක් තිබෙන බවයි ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසන්නේ.

මේ වනවිට සතිපතා නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සීමා කර ඇති බවත්, ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් සඳහා කිසිදු ගැටලුවකින් තොරව ඉන්ධන නිකුත් කරද්දී ඛනිජ තෙල් සංස්ථාවට අයත් පිරවුම්හල් සඳහා ඉන්ධන සීමා කිරීම ගැටලුවක් බවත් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ පහර දීමට එරෙහිව අද කොළඹදී විරෝධතාවක්!(PHOTOS)

කොළඹ LNW:ජනවාරි 29 වන දින ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින්...

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

චීන – ඇමරිකානු නායකයින් අතර දුරකථනයෙන් සාකච්ඡාවක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(04) රාත්‍රියේ ඇමරිකානු...