හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වේ.
ඒ මහතා සිංගප්පූරුවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී හෘද සැත්කමකට භාජනය වූයේ පසුගිය 18 වනදා ය.
ඉන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා ඊයේ (21) දිනයේදී සාමාන්‍ය කාමරයකට යොමුකර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
මෙම හෘද සැත්කම සිදුකර ගන්නා ලෙස වෛද්‍යවරුන් මීට පෙර අවස්ථා කිහිපයකදීම රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබුණ ද ඒ මහතා තමන්ගේ සෑම කාර්යයකදීම මෙන් සුපුරුදු පරිදි එම සැත්කමත් අවස්‍ථා කිහිපයකදීම කල්දමා ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.


