ඉන්ධන සැපයුම සහ මිල සංශෝධන පිළිබඳව අමාත්‍ය නලින්දගෙන් පැහැදිළි කිරීමක්!

රෂිකා හෙන්නායක මාර්තු 22, කොළඹ LNW :

පවතින ඉන්ධන සැපයුම සහ මිල සංශෝධන පිළිබඳව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විණි.

එහිදී, ඉදිරි සති කිහිපය තුළ මෙරටට ළඟා වීමට නියමිත ඩීසල් සහ පෙට්‍රල් නෞකා පිළිබඳ තොරතුරු මෙහි ඇතුළත් වන අතර, ලෝක වෙළඳපොලේ මිල ඉහළ යෑමේ බලපෑම ද සාකච්ඡා විය.

රජය විසින් ඉන්ධන සඳහා ලබාදෙන විශාල සහනාධාරය හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව අමාත්‍යවරයා පෙන්වා දුණි.

මෑතකදී සිදුකළ මිල ඉහළ දැමීම්වලින් පසුව පවා, පාරිභෝගිකයා වෙනුවෙන් රජය මසකට බිලියන 20ක පිරිවැයක් දරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළ අතර, “මාර්තු 7,8 දිනවල පෙට්‍රල් මෙ.ටො. 37,000ක නැවක් ලංකාවට ගෙන්වා ගත්තා. ලෝක වෙළෙඳපොලේ මිල ගණනන් වැඩිවීම මේකට ඇතුළත් වෙලා තියෙනවා.ඒ වගේම මාර්තු 25වනදා ඩීසල් මෙ.ටො. 37,000ක නැවක් පැමිණීමට නියමිතයි” යැයිද පැවසීය.

මාර්තු 17 වෙනිදා යොමුකළ ටෙන්ඩරයට අනුව මෙරටට ගෙන්වා ගැනීමට නියමිත ඉන්ධන ප්‍රමාණයන් පිළිබඳව අමාත්‍යවරයා මෙලෙස අදහස් දැක්වීය.

අප්‍රේල් 6,7,8 – ඩීසල් මෙක්ට්‍රින් ටොන් 37,000ක නැව් දෙකක්
අප්‍රේල් 12 සහ 13 – දැවි තෙල් මෙක්ට්‍රින් ටොන් 30,000ක්
අප්‍රේල් 10 සහ 11 – ජෙට් A1 මෙක්ට්‍රින් ටොන් 35,000
අප්‍රේල් 16 සහ 17 – පෙට්‍රල් මෙක්ට්‍රින් ටොන් 30,000ක්
සහ

අප්‍රේල් මාසයට නියමිත මෙක්ට්‍රින් ටොන් 30,000 බොරතෙල් නැව පැමිණෙන්නේ නැති අතර, ඒ වෙනුවට ජූනි මාසයේ දී මෙක්ට්‍රින් ටොන් 30,000ක බොරතෙල් නෞකාවක් පැමිණීමට නියමිතයි. “යුද්ධය ගැන කිසිවෙකුට පුරෝකථනය කළ නොහැකියි. ඇමෙරිකාවට, ඊශ්‍රායලයට, ඉරානයට හෝ තදාසන්න රටවලට යුද්ධය අවසන් වෙන්නේ සතියකින්ද දෙකකින්ද කියන්න පුළුවන් කමක් නෑ. අපේ අපේක්ෂාව යුද්ධය හැකි ඉක්මනින් අවසන් වේවා යන්නයි. යුද්ධය හෙට අවසන් වුවත් විශේෂයෙන් ආර්ථිකයට, තෙල් නිෂ්පාදනයට, යටිතල පහසුකම්වලට එල්ල වෙලා තියෙන බලපෑම අනුව, අපේ ආර්ථිකයට යුද්ධයෙන් වෙන බලපෑම එක රැයෙන් එක මොහොතින් අවසන් වෙන්නේ නෑ. එය අප මතක තබා ගතයුතුයි.” ලෙසද කියා සිටියේය

ඊයේ (21) සිදුකළ ඉන්ධන මිල වැඩිකිරීම තුළ ඩීසල් ලීටරයකට රු 100ක් සහ පෙට්‍රල් ලීටරයක් සඳහා රු 20ක් රජය විසින් දරාගෙන ඇති බවත්, ඒ වෙනුවෙන් මාසයකට රුපියල් බිලියන 20ක් රජය දරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.රජයට මෙම බර සම්පූර්ණයෙන්ම දැරීමට සිදුවන්නේ නම් වසරකට රජයට ඩොලර් බිලියන 1.5ක අමතර වැය බරක් දැරීමට සිදුවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...