නදීක දයා බණ්ඩාර – මහනුවර
කොළඹ LNW:මහනුවර දිස්ත්‍රික්කය තුළ පිහිටි කිරි ගොවිපල 520ක් මෙම වර්ෂය තුළ සංවර්ධනය කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සංවිධාන කොට තිබේ.
එහි මධ්‍යම පළාත් කාර්යාලයේ මෙහෙයවීම පරිදි ගොවිපල ගුණාත්මක බව ඉහළ නැංවීම සහ කිරි ධාරිතාව ඉහළ නංවා දේශීය කිරි පරිභෝජය වැඩි කිරීමේ අරමුණු සහිතව මෙම වැඩසටහන දියත් කොට ඇත.
ගොවිපළවල දෛනික කිරි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම එහි එක් අපේක්ෂාවක් වන අතර ලීටර් 20ක් දක්වා කිරි ලබාගත හැකි ගොවිපළ 300ක්, ලීටර් 20 සිට 40 දක්වා කිරි ලබාගත හැකියි ගොවිපළ 96ක් මේ යටතේ සංවර්ධනය කෙරේ. දිනකට ලීටර් සියයකට වඩා කිරි ලබාගත හැකි ගොවිපළ විසි අටක්ද මේ යටතේ සංවර්ධනය කෙරෙන බව එම දෙපාර්තමේන්තුවේ සත්ව සංවර්ධන උපදේශක ආර්.එන්.පී.විමලසේන මහත්මිය පැවසුවාය.
ඊට සමගාමීව ගොවිපළවල න් ප්‍රමිතිය හා ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීම, කිරි පට්ටි ආශ්රිත රෝග හඳුනා ගැනීම, ජනන කාර්යක්ෂමතා ක්‍රියාවලිය ඇතුළු වැඩසටහන් රැසක් මෙම ගොවිපළ කේන්ද්‍ර කොට ක්‍රියාත්මක කරන බව සත්ව සංවර්ධන උපදේශක ආර්.එන්.පී.විමලසේන මහත්මිය තවදුරටත් සඳහන් කළාය.


