සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා ඉතා හොඳ සහ ඵලදායී සංවාද සිදුවී ඇති බවත්, සාමය සඳහා අවස්ථාවක් ඇති බවත්, අයතුල්ලා සමඟ තමන් හොමුස් සමුද්‍ර සන්ධිය තමා පාලනය කරන බවත්, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය තෘත් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කර පැය කිහිපයකට පසුව ඉරානයේ ජේෂ්ඨ නිලධාරින් විසින් මෙය ව්‍යාජ ප්‍රවෘත්තියක් බව සඳහන් කර ඇත.
ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගලීබාෆ් හා ඉරානයේ විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කර තිබුණේ, ඉරානය ඇමරිකා එක්සත් ජනපදය සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවත්, මෙම ව්‍යාජ ප්‍රවෘත්ති තෙල් මිල පාලනය කිරීමට යොදාගනු ලැබුවක් වන බවත්ය.
පසුගිය සෙනසුරාදා(21) එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැය 48ක් ඇතුළත හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම නැව් සඳහා විවෘත නොකළහොත් ඉරානයේ බලාගාර මකා දමන බවට තර්ජනය කර කළ අතර සඳුදා(23) උදෑසන Truth Social හි සම්පූර්ණ විස්තර සහිත සටහනක එක්සත් ජනපද ජනාධිපතිවරයා සඳහන් කර තිබුනේ, ඉරානය සමඟ සාකච්ඡා පැවැත්වෙන බවත්, ඉරාන බලාගාර සහ බලශක්ති යටිතල පහසුකම් වලට එරෙහි ඕනෑම සහ සියලුම මිලිටරි ප්‍රහාර දින පහක කාලයක් සඳහා කල් දැමීමට එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවත්ය.
එක්සත් ජනපද ජනාධිපතිවරයා ඉරානයට එරෙහිව සිය මිලිටරි ක්‍රියාමාර්ගය කල දැමීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා තිබුණේ, බොහෝ දුරට තමා සහ අයතුල්ලා එනම් මීළඟ අයතුල්ලා කවුරු වුණත්, අපි එක්ව හොමුස් පාලනය කරාවි. එතැන ඉතා බරපතළ මට්ටමේ පාලන තන්ත්‍රයක වෙනසක් සිදුවනු ඇති බව සහතිකයි යනුවෙනි.
ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය සිව්වන සතියට පිවිස ඇති අතර, ඊශ්‍රායල හමුදාව ඊයේ(23)දිනයේදී නිවේදනය කර තිබුණේ, ඉරාන අගනුවර වන ටෙහෙරානයට නව ප්‍රහාර රැල්ලක් දියත් කළ බවයි. මාර්තු 28 වන දා ඉරානයට එරෙහිව ආරම්භ වූ ඇමරිකා – ඊශ්‍රායල් යුද්ධය හේතුවෙන් මේවන විට 1039 දෙනෙකු මියගොස් 2786 දෙනෙකු තුවාල ලබා ඇත.



