*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

හැම ෆාර්ම් එකකම දින පහක හයක බිත්තර ඉතුරු වෙලා.වෙළෙඳ ඇමතිගේ ගැසට්ටුව ඉවත්කරන්නැයි ඉල්ලීම් (VIDEO)

බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට්ටුව හේතුවෙන් මේ වන විට ගොවිපොළවල් තුළ දින පහක හයක බිත්තර අලෙවි කරගැනීමට නොහැකිව ඉතිරිව තිබෙන හෙයින් වහාම මෙම ප්‍රහන්ය විසඳ දෙන ලෙස රජය ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඉල්ලා සිටියේය.

ඒ,අද (24)සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය,සමස්ත ලංකා කුකුල් නිෂ්පාදකයින්ගේ සංගමය සහ බස්නාහිර පළාත් කුකුල් සංගමය යන සංගම් නියෝජිතයින් විපක්ෂ නායක කාර්යාලයේදී මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව මුණගැසුණු අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සම ලේකම් දුමිෂ්ක සුභසිංහ මහතා පැවසුවේ බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ඉවත් කර දෙන රජයෙන් ඉල්ලා සිටින බවයි.

පශු සම්පත් අමාත්‍යාංශයේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මසකට වරක් නිකුත් කරන බිත්තර පිරිවැය වාර්තා හෝ කිසිවක් නොබලා මෙම පාලන මිල නියම කර තිබෙන අතර මෙහිදී සිදුව ඇත්තේ මහාපරිමාණ බිත්තර නිෂ්පාදකයින් විසින් අමාත්‍යවරයාව නොමඟ යැවීම බවද ඔහු කියා සිටියේය.

පසුගිය වසර දෙක තුළම බිත්තර නිෂ්පාදන කර්මාන්තය පවත්වාගෙන ආවේ විශාල අභියෝග මැද වන අතර සමස්ත නිෂ්පාදනය 40%ක් මට්ටමක් දක්වා පහළ වැටී ඇති බවයි ඔහු සඳහන් කළේ.

”රජය දැන්වත් නිසි ලෙස මැදිහත් වුනොත් දෙසම්බර් වෙන විට ඇතිවිය හැකි හිඟය නති කරගන්න පුළුවන්. ගොඩක් අය කර්මාන්තය හැර දමා ගිහින්. මිල ස්ථාවර කර දෙන්න කියල ඉල්ලනවා.පසුගියදා බිත්තරයක් රු. 50ක සිල්ලර මිලට අලෙවි කරන්න දෙන්නම් කියල ඇමතිවරයා කියල තියෙද්දිත් පාරිභෝගික අධිකාරිය වෙළෙඳුන් 20ක් වටලා තිබෙනවා. දැන් දවස් 5ක 6ක බිත්තර ගොවිපොළ වල ඉතිරි වෙලා තිබෙනවා. අපිට බිත්තරයක් සඳහා රු.54ක රු.55ක ගොවිපොළ මිලක් අවශ්‍යයි.
රු. 55ට තිබුණ බඩඉරිඟු දැන් රු.255යි. රු. 30ට තිබුණු හාල් නිවුඩු රු. 120 – 130යි, ආනයනික සොයා 100ට ගත්තේ. දැන් රු.420 – 430යි. විටමින් වර්ග නැහැ.”

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී කතා කරන බවත් අදාළ පාර්ශව සමඟ සකාච්ජ කර විසඳුමක් දීමට මැදිහත්වන බවත් පැවසූ බවත් සුභසිංහ මහතා කියා සිටියේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan