Home පුවත් ක්‍රී​ඩා වවුනියා ක්‍රිකට් තරු මණ්ඩලේ නවින්තන් සහ සඳුනියා දීප්තියෙන් පෙරමුණ ගනිියි

වවුනියා ක්‍රිකට් තරු මණ්ඩලේ නවින්තන් සහ සඳුනියා දීප්තියෙන් පෙරමුණ ගනිියි

නිශ්මං රණසිංහ ,මාර්තු 26, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රීඩා සංවර්ධනය සඳහා කැපවීමේ එක් අංගයක් ලෙස දිස්ත්‍රික්කය තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වයස් කාණ්ඩ පවා සළකමින් ඇගයීමක් ද සිඳුවෙනවා. ඒ ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ත්‍යාග ප්‍රධානෝත්සවය, ‘වවුනියාව දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රිකට් ත්‍යාග ප්‍රධානය 2025‘ නමින් ඉතා උත්කර්ෂවත් අන්දමින් වවුනියා නෙලී ස්ටාර් හෝටලයේදී පැවැත්විණ.


මෙහිදී එම දිස්ත්‍රික්කය තුළ දක්ෂතා දක්වන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගැයීම වෙනුවෙන් ත්‍යාග පිරිනැමීමේදී මෙහිදී 2025 වසරේදී වයස අවුරුදු 19 න් පහළ පාසල් තරග වාරයේදී කැපී පෙනෙන දක්ෂතා දක්වන ලද වසරේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වෙනුවෙන්ද මෙහිදී කුසලාන පිරිනැමීමට පියවර ගන්නා ලදී.


මෙහිදී වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් වවුනියා දමිල මැදි මහ විදුහලේ පී. නවින්තන් සහ ක්‍රීඩිකාව ලෙසින් වවුනියා හින්දු විදුහලේ එන්. සඳුනියා සම්මාන දිනාගත්හ. මීට අමතරව පළාත තුළ දක්ෂතා දක්වන ලද අවු. 13 න් පහළ. 15 න් පහළ සහ අවු. 17 න් පහළ වයස් කාණ්ඩවල දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින්ටද සම්මාන පිරිනැමිණ. වවුනියාව දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති වයි. රතීබන් මුලසුන දරන ලද මෙම ත්‍යාග ප්‍රධානෝත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස වවුනියා දිස්ත්‍රික් ලේකම්වරුන් වන අයි. පිරතබාන් සහ පී.එම්. ඒ. කේ. කුමාර සහභාගිවූහ.