සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) විසින් අද(29) බහරේනයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇලුමිනියම් පහසුකම්වලට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබේ.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් RGC සඳහන් කර තිබුණේ, ගල්ෆ් රාජ්‍යයන්හි ඇමරිකානු හමුදා සත්කාරකත්වය දරන කඳවුරුවලින්, ඉරානයේ කාර්මික යටිතල පහසුකම්වලට එල්ල කරන ලද ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයකට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය දියත් කළ බවයි.
ප්‍රහාරය සම්බන්ධයෙන් බහරේනය නිවේදනය කර තිබුණේ, තම පහසුකම්වලට එල්ල වූ ප්‍රහාරයෙන් සේවකයින් දෙදෙනෙකු තුවාල ලැබූ බවත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එමිරේට්ස් ග්ලෝබල් ඇලුමිනියම් (EGA) අබුඩාබියේ තම ස්ථානවලින් එකකට සැලකිය යුතු හානියක් සිදුවී ඇති බවත්, හය දෙනෙකු තුවාල ලබා ඇති බවත්ය.
ගෝලීය ඇලුමිනියම් සැපයුමෙන් සියයට 4 සිට 9 දක්වා ප්‍රමාණයක් මෙම කලාපය හරහා සිදු කෙරෙන අතර මෙම ප්‍රහාර නිසැකවම ගෝලීය සැපයුමට තර්ජනයක් විය හැකිය. පෙබරවාරි 28 වන දා සිට මැද පෙරදිග යුද්ධය පුපුරා යාමත් සමඟ බහරේනය සහ අනෙකුත් ගල්ෆ් රටවල් නිතිපතා ඉරාන මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරවලට ලක්ව ඇති අතර, ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය දැන් එහි පස්වන සතියට පැමිණ තිබේ.

